Buy 3001 online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 700.00
Rs. 560.00
-
+
22 more available

කතෘ - ආතර් සී. ක්ලාක්
පරිවර්තනය - එස්. එම්. බන්දුසීල

අභ්‍යාවකාශ වීර චාරිකාව - 4

මෙම කතා මාලාවේ පළමු කෘතියෙන් වසර 30කට පසු ක්ලාක් (Clarke) විසින් රචනා කරන ලද අවසාන කෘතිය මෙයයි. සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට ගමන් කරමින් තිබියදී, නෙප්චූන් ග්‍රහලොව ආසන්නයේදී, අභ්‍යවකාශ සේවක කණ්ඩායමක් විසින් ගගනගාමී ෆ්‍රෑන්ක් පූල්ගේ (Frank Poole) දේහය සොයාගනු ලබන්නේ සිදුවීම් මාලාව ආරම්භ වී වසර දහසකට පමණ පසුවය (මොහු 2001 වසරේදී HAL විසින් ගැඹුරු අභ්‍යවකාශය වෙත විසි කරනු ලැබීය). මෙම කතා මාලාවේ අනෙකුත් සියලුම පොත් සහ චිත්‍රපටවල මෙන්ම, '3001' කෘතිය තුළද එම කළු පැහැති ඒකශිලාව (black monolith) දක්නට ලැබේ. 'ඩිස්කවරි' (Discovery) අභ්‍යවකාශ යානය බ්‍රහස්පති ග්‍රහලොව වෙත සිදු කළ මුල්ම ගමනින් වසර දහසකට පසු අනාගතයේදී මෙම කතාව දිග හැරේ. ක්‍රි.ව. 3001 වසරේදී පවතින තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳව මෙන්ම මානව වර්ගයාගේ ඉතිහාසය පිළිබඳවද මෙම කෘතිය තුළින් විස්තර කෙරේ.



Please select your district and the city×