Buy Codon online in Sri Lanka

200 g
Volume : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Non Translation
Rs. 1,500.00
Rs. 1,200.00
-
+
42 more available

ඒ 2038 වසරයි. අනාගත මානව ජනාවාසයකට අඟහරු මත වාසයකිරීමේ හැකියාව පරීක්ෂා කිරීමට ගිය ගගනගාමීන් අඟහරු මත දී අභිරහස් ලෙස අතුරුදහන්වේ. ඊට වසර 3 කට පසු යළිත් අඟහරු මත ගොඩබසින මර්ලින් මෙහෙයුමේ ගගනගාමීන් මුහුණදෙන්නේ ද අස්වාභාවික ප්‍රශ්න ගොන්නකට ය.

බ්‍රිගේඩියර්වරයාගේ ගුප්ත යටි අරමුණුත්, හදිසි අනතුරුනිසා ගගනගාමීන් මියයාමත් කණ්ඩායම තුළ නිර්මාණය කරන්නේ ව්‍යාකූල තත්වයකි. ඒඅතරතුරයේ දී කණ්ඩායමේ එක් පිරිසකට හමුවන අද්භූත කණු සංකීර්ණය සහ කණ්ඩායමේ තවත්පිරිසකට හමුවන ‘කෝඩෝන්’ භූගත නගරය ඔවුන්ගේ මෙහෙයුම කණපිට හැරවීමට සමත් වෙයි. තමන්මුහුණ දෙන අස්වාභාවික තත්ත්ව, අඟහරු විසින් ස්වභාවිකවම ආගන්තුකයන් කෙරේ ඇතිකරන ප්‍රතිරෝධය,පරිපාලනය විසින් නිරන්තරයෙන් වෙනස් කරන මෙහෙයුම් නියෝග වැනි බාධක හමුවේ ගගනගාමීන්සාර්ථකව ගිනිකන්ද වෙත ගමන් කරන අයුරු විස්මයජනක ය.

පෘථිවි තාක්ෂණයට එහා ගිය ශිෂ්ඨාචාරයක් පිළිබඳ කියැවෙනමෙම කෝඩෝන් කෘතිය තුළින් පාඨකයා පෘථිවියෙන් එපිට ජීවයක් පිළිබඳ නව මානයකට රැගෙනයයි.

විද්‍යා ප්‍රබන්ධ රචනය දිරිගැන්වීම සඳහා S & T Group ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන ආතර් සී.ක්ලාක් අනුස්මරණ විද්‍යා ප්‍රබන්ධ අත්පිටපත් තරඟයේ 2022 වසරේ ජයග්‍රාහීඅත්පිටපතයි.



Please select your district and the city×