කතෘ - ආතර් සී. ක්ලාක්
පරිවර්තනය - තත්සරණි බුලත්සිංහල
පෘථිවි ග්‍රහලෝකය මත මෙතෙක් පහළ වූ අසාමාන්‍ය බුද්ධිමතෙකු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ජීවිතයේ විවිධාකාර පැතිකඩ රැසක් විවරණය කෙරෙන මෙම කෘතිය සම්ප්‍රදායික චරිතාපදාන රටාවට වඩා වෙනස් ආකෘතියකින් නිර්මාණය කර ඇති නිසාම එයටම ආවේණික වූ සුවිශේෂත්වයකින් පරිපූර්ණ වෙයි.
ඇල්බට් අයින්ස්ටයින් සිය හැත්තෑ හය වසරක දිවිමග තුළ ඉටු කළ කාර්ය සාධනය මෙන්ම එයට පසුබිම් වූ මානසික, කායික, අධ්‍යාත්මික, සමාජීය හා දේශපාලන වාතාවරණය මෙහි සියුම් ලෙස විශ්ලේෂණය කෙරේ.