Buy බිලියන නවයක් නම් ඇති දෙයියෝ online in Sri Lanka

250 g
Dimensions : L : 21 cm x W : 14 cm x H : 1.5 cm
Category : Science Fiction - Translation
Rs. 900.00
Rs. 720.00
-
+
37 more available
කතෘ - ආතර් සී. ක්ලාක්
පරිවර්තනය - තත්සරණි බුලත්සිංහල

අනාගතවාදියෙකු සහ නව නිපැයුම්කරුවෙකු වන ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් විසිවන සියවසේ විසූ වඩාත් දුරදර්ශී විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකි. විද්‍යාත්මක සංකල්ප සාහිත්‍ය පරිකල්පනය සමඟ අති පිහිත කළ ඔහුගේ 200 ක් පමණ වන නවකතා සහ කෙටිකතා පාඨකයන්ව ප්‍රබෝධමත් කරයි. සබුද්ධික කරයි.

සර්වකාලීන ලෝකයට ගැලපෙන තාක්ෂණික අංග, විද්‍යාත්මක නිරවද්‍යතාවය, අලංකාරය, සහ විස්මය ඇතුළත් කතා සන්දර්භය සහ ආඛ්‍යාතය ඔහුගේ කෙටිකතාව තුළ කැපී පෙනේ. මෙම කතා ඈත ග්‍රහලෝක සහ විශ්වීය මායිම් පමණක් නොව විශ්වය තුළ මනුෂ්‍යත්වයට හිමි ස්ථානයද සියුම්ව පරීක්ෂා කරයි. මෙය ක්ලාක්ගේ හොඳම කෙටි කෘති කිහිපයක එකතුවකි. සෑම කතාවක්ම කුතුහලයෙන් සහ විද්‍යාත්මක පරිකල්පනයෙන් හැඩ ගැසුණු අනාගතයකට කවුළුවකි. පාඨක ඔබට ඇත්තේ කවුළු දොර විවර කර ඔබ ඉදිරියේ මැවෙන සමාන්තර විශ්වවල සැරිසැරීමටයි.



Please select your district and the city×